දැන් කෙටි පණිවිඩ ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයය,


කෙටි පණිවිඩ ඔස්සේ රජයේ සේවාවන් පිළිබඳ තොරතුරු ලබා දීම ඇරඹේ...

රජයේ ආයතන මඟින් සැපයෙන සේවා හා තොරතුරු කෙටි පණිවිඩ (SMS) ඔස්සේ ජනතාවට ලබා දීමේ ව්‍යපෘතියක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියොජිතායතනය  (ICTA) විසින් ක‍්‍රියාවට නංවා ඇත.
        මෙරට ප‍්‍රමුඛ පෙලේ ජංගම සහ ස්ථාවර දුරකථන සමාගම් වල දායකත්වය මෙම ව්‍යපෘතිය සඳහා ලැබී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියොජිතායතනය සඳහන් කරයි.
මේ සඳහා 1919 කෙටි අංකය භාවිතා කළ හැකි ය. මෙහි පළමු පියවර වශයෙන් දුම්රිය කාලසටහන් තොරතුරු හා ආර්ථික මධ්‍යස්ථාන වල කෘෂි භෝග වල මිල ගණන් ජනතාවට ලබා ගත හැකි වේ.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රන ශාලාවේ නොබෝදා පැවති ඉ-ඒෂියා 2009 තොරතුරු තාක්‍ෂණ ප‍්‍රදර්ශනයේදී w;s .re ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් එය මුල්වරට නිරීක්ෂණය කරනු ලැබීය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ක‍්‍රියාත්මක වන ඉ-ශ්‍රී ලංකා වැඩසතව දුරටත් අර්ථ ගැන්වීමට මෙවැනි ව්‍යපෘති බෙහෙවින් ඉවහල් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියොජිතායතනයේ ප‍්‍රධානී රෙෂාන් දෙවිපුර මහතා සඳහන් කරයි.
මෙම ීඵී ක‍්‍රමවේදය ඔස්සේ නිදසුනක් වශයෙන් කොළඹ සිට අම්බලන්ගොඩ දක්වා දුම්රිය කාලසටහනින් තොරතුරු ලබා ගැනීමට නම් SLRD TRAIN FOT ABA පරිදි කෙටි පණිවිඩයක් යැවිය යුතු වේ.
එමෙන්ම කෘෂි බෝග මිල ගණන් ලබා ගැනීමට කල යුත්තේ නිදසුනක් වශයෙන් බොංචි මිල දැනගැනීමට නම්  AGRI PRC SNS වශයෙන් කෙටි පණිවිඩයක් යැවිය යුතු වේ.