නැණසල

       නැණසල යනු තොරතුරු හා සන්නිවේදන තාක්ෂරණය මත පදනම් වු ඉ-ශ්‍රී ලංකා ජාතික සංවර්ධනය වැඩසටහනේ ප්‍රතිලාභ ග්‍රමීය ජනතාවට ලබාදී ගම නගාලීමේ අරමුණ ඇතිව අරඹා ඇති සංවර්ධන ව්යාටපෘතියකි.
නැණසල ව්‍යාපෘතියේ ඉලක්කයනම් ගම් මට්ටමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂනණයේ ප්‍රතිලාභ ලබාදෙන මධ්‍යස්ථාන දිවයින පුරා ඇති කර ඒ තුළින් ඈත දුෂ්කර ගම්වල වෙසෙන ග්‍රමීය  ජනතාව ඇතුළු ශ්‍රී ලංකාවාසී සියලූම දෙනාට තොරතුරු තාක්ෂ ණයට ඇති ඉඩ ප‍්‍රස්ථා සමානව ලබාදීම සඳහා නැණසල දහසක් බිහි කිරිම.
නැණසල ක‍්‍රියාවට නගන්නේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂප මැතිතුමාගේ දර්ශනයක් වන නැණසල දහස ව්‍යාපෘතිය ක‍්‍රියාවට නගන්නේ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන නියොජිතායතනයයි. මෙම ආයතනය ඉ-ශ්‍රී ලංකා ජාතික සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමේ බලය හිමි එකම රාජ්‍ය  ආයතනයයි.

අනාගතයට යන පාර සොයන ඔබ ඔබේ ගමේ තිබෙන නැණසල ගැන දන්නවා ද?

ගමේ නැණසලට යන ඔබට අන්තර්ජාලයේ රිසි ලෙස සැරිසරන්නත් විද්‍යාව,, තාක්ෂසණය පමණනක් නොව විවිධ කලා ශිල්ප පිළිබඳව විශ්ව දැනුම ගමේ සිටම ලබා ගන්නත් පුළුවන්. විවිධ විෂය ධාරාවන් යටතේ ඇති සංයුක්ත තැටි මගින් ඔබට අවශ්‍ය කරුණු දැන ගන්නත් පුළුවන් හොඳම මගකි නැණසල. ගමේ ඉඳන්ම විශ්ව දැනුම ලබාගෙන ඔබේ අනාගතය දියුණු කර ගන්න පුළුවන් තැනක් තිබෙන බව ඔබ දන්නවාද? ඔබේ ගමේ නැණසලට අදම ගොඩවන්න. ඉන්ටනෙට්, ඉ-මේල් පමණක් නොව ගමේ ගොවියන්ට,ධීවර කාර්මිකයන්ට,වෙළඳ පොළෙහි පවතින මිල ගණන් දැන ගැනීමෙමි සිට ආයුර්වේද,හෝමියෝපති වැනි ක්ෂේත‍්‍රයන්හි තොරතුරු පවා දැන් ගමේ ඉඳන්ම ඔබට දැනගන්න පුළුවන්. රටේ ලෝකේ තොරතුරු දැන් ඔබේ ගමේ නැණසලෙන්. තොරතුරු හා සන්නිවේදන තාක්ෂනණයේ විපුල ඵල දැන් ඔබේ දෝතටම ලබාදිමට ඔබේ ගමටම නැණසල ඇවිත්. එහි ප‍්‍රයෝජන  ලබාගැනීමට හැකි ඉක්මනින් ළඟම ඇති නැණසල වෙත යන්න.

නැණසල මධ්යහස්ථාන මගින් ඔබට ලැබෙන සේවාවන් මොනවා ද?

අන්තර්ජාල සබඳතා
 නොමිලේ විදේශ රට වලට ඇමතුම් ලබා ගැනීම (ස්කයිප් භාවිතයෙන්)
 ඊ-මේල් පහසුකම්
 සින්දු ,චිත‍්‍ර පට, මෘදුකාංග, විවිධ තොරතුරු වැනි දැ භාගත (Download) කර ගැනීමේ හැකියාව.
 අන්තර්ජාලය හරහා නොමිලේ වෛද්‍ය උපදෙස් ලබා ගැනිමේ හැකියාව.

දේශිය විදේශිය දුරකථන ඇමතුම්
පරිගණක ආශ‍්‍රිත වෙනත් සේවා
 සීඞී/ඞීවීඞී තැටි ගත කිරිම. (CD/DVD Burning)
 ඡායාරූප සංරක්ෂිතය.
 ලිපියක්/ ඡායාරූපයක්/ ඡායාරූප පිටපතක් ස්කෑන් කරගැනීමේ හැකියාව.
 විඞීයෝ/ ඡායාරූප සංස්කරණය කරගැනීමේ හැකියාව. (Videos / Pictures Editing)
 ජංගම දුරකථන හා පරිගණක අතර දත්ත/තොරතුරු හුවමාරු කර ගැනීමේ හැකියාව.
තොරතුරු තාක්ෂාණ පුහුණුව
 විවිධ පරිගණක පාඨමාලා සහන මිලට හැදැරිමේ හැකියාව.
·        අධ්‍යාපන,කෘෂිකර්ම,වෛද්‍ය සේවා පිළිබඳ තොරතුරු




• දුරකථන - 011 2369099
• ෆැක්ස් - 011 2369091
• ඊ-මේල් - info@icta.lk
• වෙබ් අඩවිය - www.icta.lk / www.nenasala.lk
• ලිපිනය - ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂතණ නියොජිතායතනය
160/24, කිරිමණ්ඩල මාවත, කොළඹ 05,