ඉ-ඒෂියා 2009

       ඉ-ඒෂියා 2009
    ආසියාව එක්ව ගත් විට කාටත් පොදු මාදිලියේ ප‍්‍රශ්න තිබේ තොරතුරු තාක්ෂණය පැත්තෙන්ද ඒසේමය. ඒ සියලූ ප‍්‍රශ්න සහ ඒවායෙන් ගැලවෙන විදිය ගැන කතා-බහ කරන ආසියාවේ විශිෂ්ටතම තොරතුරු තාක්ෂණ සමුළුව හා ප‍්‍රදර්ශනය ඉ-ඒෂියා 2009 දෙසැම්බර් 2 වැනිදා සිට 4 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ BMICH (බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව) හිදී පැවිති බව අප කවුරුත් දනිමු.
මෙම ප‍්‍රදර්ශනය සඳහා අනුග‍්‍රහය දැක්වුවන් වශයෙන්,
·         ශ්‍රී ලංකා ටෙලිකොම්
·         සැම්සුන්
·         ඉන්ටෙල් ශ්‍රී ලංකා
·         ජස්ඉට් ටයිම් සමූහය
·         මයික්‍රොසොෆ්ට්
·         ඩයලොග්
·         අයි.බී.එම්,
                                    හැදින්විය හැකිය.
මෙය ශ්‍රී ලංකාවේ තිබුන අති විශිෂ්ටතම තොරතුරු තාක්ෂණ සමුළුව හා ප‍්‍රදර්ශනය ලෙස හැදින්වීමට හේතුව වන්නේ මෙය නැරබීමට
·         පාසල් වල සිසු සිසුවියන්
·         විවිධ ආයතන වල සේවය නරන පිරිස්
·         විවිධ අධ්‍යාපන ආයතන වල ඉගනුම ලබන සිසු සිසුවියන්
·         තරුණ තරුණියන්
·         විදෙස් රටවලින් විවිධ පුද්ගලයන්,
                                                පැමිණ සිටියේය.
        ඉ-ඒෂියා තොරතුරු තාක්ෂණ සමුළුව හා ප‍්‍රදර්ශනයේ ඉතිහාසය පිළිබදව කථා කරන විට 2006දී මෙය මුල් වරට තායිලන්තයේ පැවැත්විණ. මැලේසියාවේ දෙවරක්ම පැවැත්වු ඉ-ඒෂියා සමුළුවේ හතරවැනි සැසිවාරය පසුගිය  2009 දෙසැම්බර් 2 වැනිදා සිට 4 වැනිදා දක්වා අපේ රටේ පැවැත්වූයේය.
        ඉ-ඒෂියා තොරතුරු තාක්ෂණ සමුළුව පැවැත්වීම නිසා රටකට ලැබෙන බොහෝ සාමන්‍ය දේ අපට ලැබුණී. මේ අවුරුද්දේ මුල්මවරට කොළඹ හෝටල් කාමරවලින් 85% ක් පිරී ගියේය. රටේ ප‍්‍රසිද්ධිය අලූත් වුණේය. ඒ සියල්ලටම අමතරව රටක් තොරතුරු තාක්ෂණය ඇසුරෙන් සංවර්ධනය වෙත යා යුතු මාවත් පැහැදිලිව හඳුනා ගැනීමට සැලැස්මක් ලැබුණී.  

ඉ-ඒෂියා ප්‍රදර්ශනයේදී ලබා ගත් ඡායාරූප






ඡායාරූප කරණය - අසංක විදුරංග