රාජ්ය තොරතුරු කේන්ද්‍රයය

            රාජ්‍ය ආයතනවලින් ලැබෙන සේවාවන් ගැන ඔබට අවශ්‍ය උපදෙස් හා තොරතුරු කඩිනමින් සහ නිවැරදි ලෙස ලබා ගැනීමට ”ඉ-ශ්‍රී ලංකා” වැඩපිලිවෙල ඔස්සේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂ ණ නියොජිතායතනය මගින් ක‍්‍රියාවට නන්වා ඇති රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයය,

රාජ්‍ය ආයතන කටයුතු ප‍්‍රතිනිර්මාණය තුලින් මෙරට පුරවැසියන්ට කාර්්‍යක්‍ෂම සේවාවක් ලබාදීම සදහා තොරතුරු තාක්ෂ ණ විසදුම් ලබාදීම මෙහි අරමුණ වී ඇත.
        “ඉ-ශ්‍රී ලංකා” වැඩපිලිවෙල ඔස්සේ ජනාධිපති ලේකම් කර්්‍යාලය යටතේ ක‍්‍රියාත්මක වන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂ ණ නියොජිතායතනය විසින් සිය රාජ්‍ය අංශ ප‍්‍රතිනිර්මාණ වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවා ඇත.
      අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට අනුව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ උපදෙස් යටතේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂනණ නියොජිතායතනයේ පූර්ණ මැදිහත්වීමෙන් ක‍්‍රියාවට නැන්වු ශ්‍රී ලංකාවේ ප‍්‍රථම රාජ්‍ය අංශය සතු ත්‍රෛභාෂික තොරතුරු කේන්ද්‍රය(1919) 2006 අගෝස්තු 24 වන දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂය මැතිතුමා විසින් විවෘත කරන ලදී.
දළ වශයෙන් රාජ්‍ය සේවාවන් 1500 පමණකට අදාල තොරතුරු දුරකථන මාර්ගයෙන් දිනකට පැය 12 ක් සතියේ දින 7 පුරාම ශ්‍රී ලංකා පුරවැසියන්ට ලබාදේ. ඕනෑම දුරකථන ජාලයකින් 1919 අංකය ඇමතීම මගින් මෙම සේවාවන් ජනතාවට ලබාගත හැක. විදේශිකයින්ට හෝ විදේශයන්හි වෙනස ශ්‍රී ලාංකිකයන් හට +94 11 4 707070 යන දුරකථන අංකය ඇමතීම තුලින් මෙහි සේවාවන් ලබා ගැනීමට ඉඩ සලසා දී තිබේ. තවද මෙහි ත්‍රෛභාෂික වෙබ් අඩවිය www.gic.gov.lk තුලින් ද එම සේවාවන් පිළිබඳ තොරතුරු ලබා ගත හැක.
මෙමගින් ජනතාවන්ට ලැබෙන සේවාවන් වශයෙන්,

o ජනතාවට තමන් කැමති භාෂාවකින් (සිංහල,දෙමළ,ඉංගරීයන්සි) රාජ්යත තොරතුරු හා උපදෙස්          ලබාගැනීමට ඇති එකම ස්ථානය.
o නිවැරදි සත්යක තොරතුරු ලබාගැනීමේ ඇති හැකියාව.
o වසරේ සෑම දිනකම (සෙනසුරාදා,ඉරිදා,පොය දින සහ රජයේ නිවාඩු දින ද ඇතුලත්ව) විවෘතව පැවතීම.
සාමාන්‍ය රාජ්‍ය ආයතන කටයුතු කරන වේලාවලින් පසුවද විවෘතව පැවතීම.(දිනපතා පෙ:ව: 8.00 සිට රාත‍්‍රී  8.00 දක්වා)
මිත‍්‍රශීලී ආචාරශීලී සේවාව.
o තොරතුරු ලබාගැනීමට රාජ්‍ය  ආයතනය වෙත පෞද්ගලිකව යෑමේ අපහසුව ඉවත් කිරීම.
ප‍්‍රවාහන වියදම්,රස්තියාදු වීමකින් තොරව ඕනෑම ස්ථානයක සිට ක්‍ෂනයකින් තොරතුරු ලබාගැනීමට ඇති පහසුව.
o අන්තර්ජාලය ඔස්සේ www.gic.gov.lk වෙබ් ලිපිනය ඔස්සේ ද ලොව ඕනෑම තැනක සිට රාජ්‍ය සේවාවන් ගැන තොරතුරු ලබාගැනීමට ඇති හැකියාව.

“1919” නැතහොත් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය අද වන විට ලෝකයේ සහ අප රටේ විවිධ ඇගයීම් වලට ලක්ව තිබේ ඒ අතර,

o සිංගප්පූරුවේ රාජ්‍ය අංශයේ තාක්ෂ ණ කළමනාකරණ සඟරාව මඟින් ලොව ඉ-රාජ්‍ය  ව්‍යාපෘති සඳහා පැවති ජගත් තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවේ මෙම රාජ්ය තොරතුරු කේන්ද්රායට (1919) හිමිවිය.
o දකුණු ආසියාවේ රජයක් සතු එකම දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයයි.
o 2007 වසරේ GKP (Global Knowledge Partnership) ජගත් සම්මේලනයේදී විශිෂ්ට තොරතුරු තාක්‍ෂණ පුරවැසිසේවා ව්‍යාපෘතියක් ලෙස ඇගයීමට ලක් කෙරිණ.
o දැනට (2008-12-31)වන විට සාමාන්‍ය ජනතාවගේ ඇමතුම් විසිලක්ෂායකට අධික සංඛ්යාලවකට පිළිතුරු ලබාදී ඔවුනගේ තොරතුරු හා උපදෙස් අවශ්‍යතාවන්සම්පුර්ණ කර තිබේ.

ජනාධිපති කාර්යාලයේ දායකත්වය

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය  සම්පුර්ණයෙන්ම ජනාධිපති කාර්්‍යාලයේ ජනතා සේවය යටහතේ පවත්වාගෙන් යනු ලබන අතරේ නොමිලේ ජනතාවට ලැබෙන සේවයකි. රාජ්‍ය අංශයේ තොරතුරු පිළිබඳ මනා පුහුණුව ලත් උපදේශක මණ්ඩලයක් මගින් සම්පුර්ණ සේවාවක් ඔබට ලබාදේ.

වැඩි විස්ථර සඳහා අමතන්න ,
• දුරකථන - 011 2369099
• ෆැක්ස් - 011 2369091
• ඊ-මේල් - info@icta.lk
• වෙබ් අඩවිය - www.icta.lk
• ලිපිනය - ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියොජිතායතනය
                  160/24, කිරිමණ්ඩල මාවත, කොළඹ 05,