Tuesday, April 20, 2010




ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය.


1791-1871 අතර කාලය තුලදි චාර්ස් බැබේජ් නැමති විද්‍යාඥයා විසින් සොයා ගැනුනේයැයි සලකන පරිගණකය අද වන වි‍ට විශාල වශයෙන් දියුණුවට පත්කර ගනිමින් මිනිසාගේ විවිධ වැඩ ක‍ටයුතු සදහා භාවිතයට ගනු ලැබේ.මෙය මිනිසාගේ ජිවිතයට ඉතා සමීපව කටයුතු කරන අතර විවිධ දුෂ්කරතා මත සිදු කරන ලද කටයුතු අද ඉතා කෙටි කලකින් නිවැරදිව සිදු කර ගත හැකිය.

මෙරට පාසල් වලට පරිගණක හදුන්වා දුන්නේ මීට අවුරුදු විසිපහකට පමණ කලිනි.1984 දී ‘පරිගණක අධ්‍යාපන වැඩසටහන’ නම් ව්‍යාපෘතිය, තොරාගත් පාසල් 108කදී අධ්‍යාපන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කළේය.එහි අරමුණ වූයේ 16bit පරිගණක යොදා ගෙන BASIC පරිගණක භාෂාව ඉගැන්වීමය. එම කාලයේ ඉන්දියාවේ, මැලේසියාවේ,කොරියාවේ හෝ චීනයේවත් පාසල්වලට පරිගණක හදුන්වාදීමේ මෙවැනි ජාතික ව්‍යාපාරයක් නොතිබු‍ණේය.

මෙවැනි පරිගණක ඉතිහාසයකින් පැමිනෙන අප අද වන විට ලොකයේ පරිගණක තාක්ෂණය අතින් ඉහල ස්ථානයක නොසිටියත් ආසියාවේ යම් කිසි වැදගත් ස්ථානයක සිටින බැවින් අපට ඒ පිලිබද සතුටු විය හැකිය.

අද අප රටේ ක්‍රියාත්මක තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති වශයෙන්,

· ඊ ගම්මාන ව්‍යාපෘති පිහිටුවීම.

· නැණසල මධ්‍යස්ථාන පිහිටුවීම.

· සම්මාන රැසක් ලබා ගත් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919)

· පාසල් වලට පරිගණක විද්‍යාගාර ලබා දෙමින් ‍ තොරතුරු තාක්ෂණය ඉගැන්වීම.

· ස්වභාෂාවන්ගෙන් පරිගණක භාවිතා කිරිමට ඇති හැකියාව.

අද වන විට මෙවැනි ව්‍යාපෘති මගින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය යම්තාක් දුරට දියුණු වී ඇත.